චීන සහ රුසියානු ජනාධිපතිවරුන් නව වසරට සුබ පැතුම් හුවමාරු කර ගනිති
2022-12-31 17:14:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මහතා සමග නව වසරට සුබ පැතුම් හුවමාරු කර ගනිති.

චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් පූටින් ජනාධිපතිතුමා හා රුසියානු ජනතාව වෙත හෘදයාංගම සුබ පැතුම් හා සුන්දර ආශිර්වාදය පිරිනමන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත.

වසර 2022, ‍අඛණ්ඩව වෙනස්ව පැවතුණු ජාත්‍යන්තර තත්ත්වය හා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද, චීන රුසියානු සම්බන්ධතාව විධිමත් සංවර්ධන ප්‍රවණතාවක පසු විය. එම වසරේදී චීන රුසියා ආර්ථික වෙළඳ සහයෝගතාව ස්ථාවර හා ක්‍රමවත් ලෙස පුළුල් වී තිබිණ. බලශක්තිය, ආයෝජනය, අන්‍යෝන්‍ය සන්නිවේදනය ඇතුළු ක‍්ෂේත්‍ර තුළ පැවැත්වුණු සහයෝගතාව නව ප්‍රගතීන් දිනා ගෙන ඇත. ඒවා, දෙරටේ පොදු සංවර්ධනයට සහාය වී තිබේ.

උදා වන 2023 වසරේ  චීන රුසියා සම්බන්ධතාව නව සංවර්ධන අවස්ථාවලට මුහුණ පානු ඇත. පූටින් ජනාධිපතිවරයා සමග සමීප හුවමාරු පවත්වා ගෙන යමින් අංගසම්පූර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණය හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගතාවන් ඉදිරියට මෙහෙයවමින් දෙර‍ටටත්, දෙරටේ ජනතාවටත් සුබ සෙත නිර්මාණය කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

රුසියානු ජනාධිපතිවරයා ෂී ජින්පිං මහතා වෙත නව වසරට සුබ පැතුම් පිරිනමමින් මිත්‍රශීලි චීන ජනතාවට සාමය හා සතුට ද ප්‍රාර්ථනා කළේය. ගෙවී ගිය වසරක් තුළ පැවති රුසියානු චීන දේශපාලන සංවාදවලින්, පොහොසත් අන්තර්ගත පිළිබිඹු කෙරිණ. ද්විපාර්ශ්වීය වෙළඳ වටිනාකම ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කර තිබේ. දෙපාර්ශ්වයේ පොදු උත්සාහයෙන්, සහයෝගතා මට්ටම ඉහළ නංවමින්, දෙරටේ ජනතාවට වඩාත් වැඩි සුබ සෙත නිර්මාණය කිරීමට හැකි වන බව විශ්වාස කරන්නේ යැයි ද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම