කලාපීය විස්තීරණ ආර්ථීක හවුල්කාරීත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පළමු සංවත්සරයේ ජයග්‍රහණ රැසක්
2022-12-31 16:45:38
Share with:

කලාපීය විස්තීරණ ආර්ථීක හවුල්කාරීත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ පළමු සංවත්සරයේ ආර්ථික වර්ධන ජයග්‍රහණ මූලික වශයෙන් කැපී පෙනේ.

2022 ජනවාරි 1වනදා කලාපීය විස්තීරණ ආර්ථීක හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් RCEP ගිවිසුම රටවල් දහයක් සඳහා බලාත්මක විය.

ඉන් පසුව එය දකුණු කොරියාව, මැලේසියාව සහ මියන්මාරය සඳහා බලාත්මක වී ඇත. ගතවූ වසරක් තුළ එම ගිවිසුමට එක්වූ සාමාජිකයින් 15 අතරින් 13ක් එම ගිවිසුම ක්‍රියාත්මක කර තිබේ. සියලු සාමාජිකයින් ගිවිසුම සඳහා දුන් විවෘතභාවය පිළිබඳ පොරොන්දු ක්‍රියාත්මක කිරීමත් සමග, කලාපයේ සමස්ත තීරුබදු මට්ටම ක්‍රමයෙන් අඩු වී ඇත. වෙළඳ හා ආයෝජන පහසුකම් මට්ටම අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර කලාපයේ විවිධ රටවල ව්‍යාපාරික පරිසරය ක්‍රමයෙන් වැඩි දියුණු වී තිබේ. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් කලාපීය ආර්ථික වර්ධනයට ලබා දුන් ප්‍රතිලාභ දැක ගත හැකිය. භාණ්ඩ වෙළඳාම ක්ෂේත්‍රය තුළ චීනය, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ මැලේසියාව, තායිලන්තය හා වියට්නාමය යන ආසියාන් රටවල භාණ්ඩ වෙළඳාමේ ධනාත්මක වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම