චීන සාම්ප්‍රදායික නව වසරට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ මුද්දර පත්‍රයක්
2022-12-31 16:47:57
Share with:

චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ මුද්දර පත්‍රයක් නිකුත් කරයි.

චීන සාම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයේ නව වසර උදාවීම සඳහා එක්සත් ජාතීන්ගේ තැපැල් පරිපාලනය එළඹෙන 2023 ජනවාරි මස 20වනදා නිව්යෝර්ක්හි දී චීන චන්ද්‍ර දින දර්ශනයේ හාවාගේ වසර විශේෂ මුද්දර පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් වේ.

එම මුද්දර පත්‍රය මුද්දර 10කින් සමන්විත වන අතර එහි මුහුණත වටිනාකම ඇමරිකානු ඩොලර් 1.40ක් වේ. සම්පූර්ණ පත්‍රය මුහුණත වටිනාකම ඇමරිකානු ඩොලර් 16.95කි. මුද්දරයේ වම් පස එක්සත් ජාතීන්ගේ ලාංඡනය දැක්වෙන අතර දකුණු පස ඇත්තේ චීන නිර්මාණකරු Pan Hu මහතා විසින් නිර්මාණය කරන ලද "සඳ හාවා "රූපයයි.

එමෙන්ම , නිව්යෝර්ක්, ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය, ඔස්ට්‍රියාවේ වියානා නගරය යන නගරවල එක්සත් ජාතීන්ගේ තැපැල් පරිපාලනය පිළිවෙලින් ඇමරිකානු ඩොලර්, ස්විස් ෆ්‍රෑන්ක් සහ යුරෝවලින් මුද්දර නිකුත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම