චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව නව වසර පිළිගැනීමේ තේපැන් සංග්‍රහයක් පවත්වයි
2022-12-31 16:36:15
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව නව වසර පිළිගැනීමේ තේපැන් සංග්‍රහයක් පවත්වයි. එය ඊයේ (30) එහි ජාතික කමිටු ගොඩනැගිලි ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් කතාවක් කළේය‍.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ආත්මය පුළුල්ව ව්‍යාප්ත කිරීමේ ආරම්භක වසර 2023 වසර බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ඉදිරි අභියෝගයන්ට මුහුණ දීමටත් සුන්දර අනාගතය ගොඩ නැඟීමටත් අපි ධෛර්යෙන් ඉදිරියට ගමන් කළ යුතුය. වසරේ ඉලක්කය ඉටු කිරීමට උත්සාහ කරන අතර, ‘දෙවන සියවසේ ඉලක්කය’ සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් දමන බව ද ‍හෙතෙම පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව හා රාජ්‍ය මණ්ඩලය ‍මෙන්ම මධ්‍යම යුද කමිටුව වෙනුවෙන්, ෂී ජින් පිං මහතා විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, චීන කර්මාන්ත හා වාණිජ්‍ය සම්මේලනය, නිර්පාක්ෂික පුද්ගලයින්, රටේ විවිධ ජන වාර්ගික ජනතාව මෙන්ම හොංකොං, මැකෞ සහ තායිවාන ස්වදේශිකයන්,  එතෙර වෙසෙන චීන ජාතිකයන් හා චීනයේ නවීකරණ සංවර්ධනයට සහය දක්වන ඒ ඒ රටවල මිත්‍රයන් ඇතුළු සියලු දෙනාට, නව වසරේ ආශිර්වාදය පුද කළේය.

චීන ජාතියේ පුනර්ජීවනය ඉටු කිරීමට දෙස් විදෙස් චීන ජාතිකයන්ගේ සමගිය, උත්සාහය අවශ්‍ය වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ඒ සඳහා පුළුල්ම දේශප්‍රේමී එක්සත් පෙරමුණ සංවර්ධනය කර ගත යුතුය. හදවත්, ශක්තීන් සහ ප්‍රඥාව එක්රැස් කර, චීන සිහිනය සාක්ෂාත් කිරීමට බලවත් ඒකාබද්ධ බලවේගයක් පිහිටුවීමට උත්සාහ කළ යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම