පිලිපීන ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයක නිරත වෙයි
2022-12-30 17:45:35
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos Jr. මහතා චීනයේ නිල සංචාරයක නිරත වෙයි. එම නිල සංචාරය ලබන ජනවාරි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

දෙරට අතර මිත්‍රත්වයේ නව “රන් යුගයක්” ගොඩනැගීමට චීනය මෙම සංචාරය සමග අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (30) නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. 

චීනය 2023 වසරේ පළමු වරට පිළිගන්නා විදේශ රටක ඉහළම නායකයා Ferdinand Romualdez Marcos Jr. මහතා බව හෙතෙම කීය. ඔහුගේ ජනාධිපති ධූර කාලය තුළ ආසියාන් සංවිධානයේ රටවලට හැර සිදු කෙරෙන සහ චීනයේ සිදු කෙරෙන පළමු නිල සංචාරය මෙයයි. දෙරටම ද්විපාර්ශ්වික සබඳතාව ඉතාමත් වැදගත් කොට සලකන බව ඉන් පිළිබිඹු වන බව ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම