ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියා, දකුණු චීන මුහුදු කලාපයේ ආරක්ෂාවට ගැටළුවක්
2022-12-30 18:34:52
Share with:

ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියා, දකුණු චීන මුහුදු කලාපයේ ආරක්ෂක ගැටළු මතුවීමේ මූලික හේතුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඇමරිකාව දිගු කලක සිට සිය නෞකා හා ගුවන් යානා චීනය සමීපව නිරීක්ෂණය කිරීමට යොදවා තිබේ. එම ක්‍රියාව චීනයේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස හානිකරය.

එවන් ප්‍රකෝපකාරී ක්‍රියා හා චීනය අපවාදයට ලක්කිරීමට තැත්කිරීම නතර කරන ලෙස වං වෙන්බින් මහතා ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීනය සිය ස්වාධිපත්‍යය හා ආරක්ෂාව සහතික කිරීමට අනිවාර්ය පියවර ගනු ඇත. කලාපීය රටවල් සමග එක්ව දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය සූදානම් වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම