චීනය සහ RCEP සාමාජිකයන් අතර ආනයන අපනයනවල කැපීපෙනෙන ප්‍රගතියක්
2022-12-30 10:03:43
Share with:

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, චීනය සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) අනෙකුත් සාමාජිකයන් අතර සිදුකෙරුණු සමස්ත ආනයන හා අපනයනයන්හි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 11.8ක් වූ අතර එය වසරින් වසර 7.9% ක වර්ධනයකි. එය චීනයේ මුළු විදේශ වෙළඳ ආනයන හා අපනයනයෙන් 30.7% ක් වේ. චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, අනෙකුත් RCEP සාමාජිකයන් වෙත චීනයේ අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 6ක් දක්වා ළඟා වූ අතර, එය වසරින් වසර 17.7%ක වැඩිවීමකි. ගිවිසුම මනාව ක්‍රියාවට නැංවීමත් සමඟ කලාපීය වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය අඛණ්ඩව සිදුවන බව Shu Jueting මහත්මිය පැවසුවාය. එසේම, නව ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස RCEP සමඟින්, වැඩි වෙළඳ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන බවත්, ලෝකයට මුහුණ දෙන ඉහළ ප්‍රමිතියෙන් යුත් නිදහස් වෙළඳ ප්‍රදේශ ජාලය පුළුල් කරන බවත්, නව සංවර්ධන රටාවක් ගොඩනැගීමට සහ උසස් තත්ත්වයේ සංවර්ධනය උදෙසා කැප වී ක්‍රියාකරන බවත් Shu Jueting මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම