චීන මාධ්‍ය සමූහය 2022 වසරේ ප්‍රධාන ජාත්‍යන්තර පුවත් 10 නිකුත් කරයි
2022-12-30 16:26:56
Share with:

චීන මාධ්‍ය සමූහය 2022 වසරේ ප්‍රධාන ජාත්‍යන්තර පුවත් 10 නිකුත් කරයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ලෝකයේ විශේෂ අවධානයට ලක් වීම එම පුවත් අතර ප්‍රමුඛ කරුණකි. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය සහ චීනයේ බුද්ධිමත් දැක්ම මානව සංවර්ධනයට දායක වීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ ඇගයීමට ලක් විය.

චීනයේ උත්තරීතර නායකයාගේ  රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමෙන් දැවැන්ත රටක ගෝලීය ප්‍රමුඛතාව පිළිබිඹු කෙරෙන අතර, ගෝලීය පාලනය තුළ ආසියාව ඉස්මතු වීමේ සන්ධිස්ථානය ද එහිදී සටහන් විය.

ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් රුසියාවට සිදු කළ අතිශය සම්බාධකවලින් රුසියානු-යුක්‍රේන ගැටළු මතු විය. භූ දේශපාලනය සහ ආර්ථික රටාව විශාල ලෙස එමගින් වෙනස් වී ඇත.

නව කොරොනා වසංගතය අඛණ්ඩව ව්‍යාප්ත ව පවතින අතර බොහෝ රටවල වඳුරු උණ (monkeypox) වසංගතය පැතිරී තිබේ. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය ආක්‍රමණශීලීව පොලී අනුපාතය ඉහළ නැංවීම ගෝලීය මූල්‍ය පද්ධතියට ප්‍රබල පහරකි. ඩොලර් ආධිපත්‍යය ගෝලීය ධනය ඩැහැගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වය අඛණ්ඩව නොසන්සුන්ව පවතින අතර වසරකට දෙවරක් අගමැති තනතුරු වෙනස් කර තිබේ. 

“Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව ” සම්මත කිරීම ද ජාත්‍යන්තර පුවත් අතරට එක්ව ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලීම්වලට සහාය දැක්වීම ද සුවිශේෂී අවධානයට ලක් ව තිබේ.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල චීනයේදී සාර්ථකව පැවැත්විණ. බෙයිජිං නගරය ලෝකයේ පළමු ගිම්හාන ඍතු ඔලිම්පික් හා ශීත ඍතු ඔලිම්පික් දෙකම පවත්වා තිබෙන නගරය බවට පත්වීමත් විශේෂත්වයකි. 

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් ‘RCEP’ ගිවිසුම බලාත්මක වීමෙන් පසු අදාළ ප්‍රතිලාභ කැපි පෙනෙයි. එය ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික ඒකාබද්ධතාවය වේගවත් කර ඇත. 

ලෝක ජනගහණය බිලියන 8 කට ළඟා වී ඇති අවස්ථාවක එක්ව සංවර්ධනය කිරීම මානව වර්ගයේ පොදු අපේක්ෂාව වනු ඇත. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම