චීන - රුසියානු ජනාධිපතිවරුන් අතර වීඩියෝ තාක්ෂණයෙන් සාකච්ඡා
2022-12-30 20:40:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මහතා වීඩියෝ ආකාරයෙන් හමු වෙති. 

පූටින් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමෙන්, නව යුගයේ චීන රුසියා සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වඩාත් පරිණත හා ශක්තිමත් වී තිබෙන බව අද(30) පැවති එම හමුවේදී චීන ජනාධිපතිවරයා පවසා ඇත.

 මෙම වසරේ මුල් මාස 11ක් තුළ චීන රුසියා වෙළඳ ප්‍රමාණය නව ඓතිහාසික වාර්තාවක් බිහි කර ඇත. බලශක්ති සහයෝගතාව අඛණ්ඩව ද්විපාර්ශ්වීය සහයෝගතාවන්හි වැදගත්ම කොටසක් විය. වැදගත් ක්ෂේත්‍ර තුළ දෙරට අතර පවත්නා සහයෝගතා ව්‍යාපෘතීන් විධිමත්ව ක්‍රියාත්මක කර ඇතැයි ද ෂී ජින්පිං මහතා කියා සිටියි. සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ චීනය හා රුසියාව සහයෝගතා පැවැත්වීමේ පුරෝගාමී ජීවගුණය එසේම පිළිපදිමින් උපායමාර්ගික ස්ථිරබව පවත්වා ගෙන යමින්, උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු ය. සංවර්ධන අවස්ථා හා ගෝලීය හවුල්කරුවෙකු ලෙස අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිචාර දක්වමින් දෙරටේ ජනතාව‍ට වඩාත් ඉහල සුබසාධනයක් නිර්මාණය කිරීමටත්, ලෝකයට වඩාත් වැඩි ස්ථාවර බවක් නිර්මාණය කිරීමටත් එක්ව උත්සාහ කළ හැකි බව අපේක්ෂා කරන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

වර්තමානයේ දෙපාර්ශ්වය ජාත්‍යන්තර කටයුතු තුළදී සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් එක්සත් ජාතීන්ගේ අධිබලය හා ජගත් නීතිය සහතික කිරීමට තැත් කළ යුතුය. එමෙන්ම සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින් ගෝලීය ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව ඇතුළු ගැටළු සම්බන්ධයෙන්, දැවැන්ත රටක හා ආදර්ශවත් රටක වගකීම මනා ලෙස ඉටු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නිවැරදි මඟපෙන්වීම යටතේ චීනයේ විවිධ ආර්ථික හා සමාජ ක්ෂේත්‍ර අඛණ්ඩව නව ජයග්‍රහණ දිනා ඇතැයි ද චීනයේ ජාත්‍යන්තරභාවය හා බලපෑම් ශක්තිය තවදුරටත් ඉහල නංවනු ඇති බව විශ්වාස කරන්නේ යැයි ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ වුවද රුසියා චීන සම්බන්ධතාවය මනා වර්ධන ප්‍රවණතාවක පවතී. බලශක්ති, කෘෂිකාර්මික, ගමනාගමන, යටිතල පහසුකම්, ක්‍රීඩා, සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගතා ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කෙරෙමින් පවතී. තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරයට මෙන්ම එකම චීනය මූලධර්මයට රුසියාවේ දැඩි අනුබලය හිමි වේ.  ජගත් කටයුතු තුළදී විෂයමූලික හා සාධාරණ ක්‍රියාකලාපයක සිට කටයුතු කරන චීනය රුසියාවේ පැසසුමට ලක් වූ බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම