2023 වසරේ චීනයේ ජාතික සැසිවාර ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
2022-12-30 19:18:45
Share with:

2023 වසරේ චීනයේ ජාතික සැසිවාර දෙක ආරම්භ කිරීමේ දින ප්‍රකාශයට පත් කෙරේ. 

අද (30) පැවති 13වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 38වන සමුළුවේදී 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු රැස්වීම ආරම්භ කිරීම පිළිබඳ තීරණය අනුමත කෙරිණ. එම තීරණයට අනුව, 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු රැස්වීම එළඹෙන 2023 වසරේ මාර්තු මස 5 වැනිදා බෙයිජිං හිදී පැවැත්වීමට තියමිතය. 

ඊට අමතරව, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ රැස්වීමක් පසුගියදා පැවැත්විණ. චීන මහජන දේශපාලන ‍උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු වැනි රැස්වීම 2023 වසරේ මාර්තු මස 4 වැනිදා බෙයිජිං හිදී ආරම්භ කිරීම පිළිබඳව එහිදී යෝජනා කෙරිණ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම