දිස්ත්‍රික් 8ක පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට පියවර
2022-12-30 15:37:09
Share with:

2023 වසරේදී පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට රජය සැලසුම් කරයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 550කි. 

මාතලේ, නුවරඑළිය, වව්නියාව, කුරුණෑගල, මන්නාරම, පුත්තලම, බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක 08හි, වසර 05ක කාලයක් වගා නොකර ඇති කුඹුරු අක්කර 2,774ක් හා ඉතිරි දිස්ත්‍රික්වලින් තෝරාගත් පුරන් කුඹුරු අක්කර 11,256ක් ඇතුළත්ව අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට තීරණය කර තිබේ. 

මේ එක් කුඹුරු අක්කරයකින් වී බුසල් 60ක අස්වැන්නක් ලැබිය හැකි අතර, සමස්ත වී බුසල් 840,000ක් අපේක්ෂා කෙරේ. මේ පුරන් කුඹුරු රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගැනීමට පෙර අයිතිකරුවන්ට මාස 06ක කාලයක් දෙන ලෙසත්, ඒ කාලය තුළ ඔවුන් වගා කිරීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු ඉඩම් තාවකාලිකව වසර 05ක් සඳහා රජයට පවරා ගෙන වගා කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ කටයුතු සඳහා ගොවිජන පනත වහා සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසද ඇමතිවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම