2023 වසරේ චීනයේ මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් පියවර ගැනේ
2022-12-30 14:11:23
Share with:

2023 වසරේ චීනයේ මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් අංශ පහක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

මේ වසරේ චීනය කඩිනමින් විවිධ මූල්‍ය ප්‍රතිපත්ති නිකුත් කරමින් වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම, ආහාර හා බලශක්ති සුරක්ෂිතභාවය, කර්මාන්ත දාමය හා සැපයුම් දාමය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සහාය ලබා දී තිබේ. ඉන් සමස්ත ආර්ථික ස්ථාවරත්වය සහ වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කරමින් චීනය නව සංවර්ධන ජයග්‍රහණ ලබා ඇත.

2023 වසරේ චීනය ස්ථිරව සක්‍රීය ලෙස එම මූල්‍ය ප්‍රතිපත්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම හා ශක්තිමත් කිරීම සිදු කරමින් අංශ පහක් කෙරෙහි අවධානය යොමු කරන බව මුදල් අමාත්‍ය Liu Kun මහතා ඊයේ (29) පැවසීය. 

බදු සහ ගෙවීම් සහයෝගී ප්‍රතිපත්ති වැඩි දියුණු කිරීම සහ සැබෑ තත්ත්වයට අනුව සමාගම් වල දුෂ්කරතා සමනය කිරීම, මුදල් සම්පත් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, වියදම් ව්‍යුහය ප්‍රබල ලෙස ප්‍රශස්ත කිරීම හා විද්‍යාත්මක, තාක්ෂණික පර්යේෂණ, ග්‍රාමීය ප්‍රදේශ පුනර්ජීවනය, ප්‍රධාන කලාපීය උපාය මාර්ග, අධ්‍යාපනය, මූලික ජන ජීවනෝපාය සහ හරිත සංවර්ධනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර වලට සක්‍රීය ලෙස සහාය ලබා දීම ඊට ඇතුළත් ය. එමෙන්ම සක්‍රීය මුදල් ප්‍රතිපත්ති මගින් වෙනස් කලාප අතර මුදල් සම්පත් මට්ටම සමතුලිත කිරීම, මූල්‍ය ආදායම් සහ වියදම් කළමනාකරණය දැඩි ලෙස පාලනය කිරීම සහ මූල්‍ය අවදානම් ඵලදායී ලෙස වළක්වා ගැනීම ඊට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම