2022 වසරේ චීනයේ වැදගත්ම පුවත් 10 තෝරා ගැනේ
2022-12-30 15:17:02
Share with:

චීන මාධ්‍ය සමූහය 2022 වසරේ  වැදගත්ම දේශීය පුවත් 10ක් තෝරා ගනී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්වූ අතර ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට යළි තේරී පත්වීම ඉන් පළමු වැන්නයි.  චීනයේ ආර්ථික ධාරිතාව යුවාන් ට්‍රිලියන 120ක් ඉක්මවා යන බවට තක්සේරු කෙරුණු අතර ලෝක ආර්ථික පුනර්ජීවනයට අඛණ්ඩව ශක්තිය ලබා දීම, වසංගත පාලන ප්‍රතිපත්ති අඛණ්ඩව සකස් කරමින් වසංගත පාලනය සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය මනා ලෙස සම්බන්ධීකරණය කිරීම ද ඒ අතර වේ.

චීනයේ ධාන්‍ය අස්වනු වසර අටක් පුරා අඛණ්ඩව කිලෝග්‍රෑම් බිලියන 650ක් ඉක්මවා ගොස් තිබීම ද එම පුවත් අතරට ඇතුළත්ය. හිටපු ජනාධිපති ජ්‍යං සේමින් මහතාගේ අභාවය, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම අවසන් වීම සහ 2022 බෙයිජිංහි ශීත සෘතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙල සාර්ථකව පවත්වා චීන ක්‍රීඩා කණ්ඩායම ඉතිහාසයේ විශිෂ්ඨම ලකුණු ලබා ගැනීමට සමත්වීම යන ප්‍රවෘත්තීන්ද ඊට ඇතුළත්ව ඇත. ‘බයි හෙ ටන්’ ජල විදුලි බලාගාරය භාවිතාවට ලක්වීමත් සමගම ලෝකයේ විශාලතම පවිත්‍ර බලශක්ති කොරිඩෝවේ සංවර්ධනය සම්පූර්ණ කිරීම සනිටුවන් වී තිබේ. හොංකොං විශේෂ පරිපාලන කලාපය ආපසු මව්රටට පැමිණීමේ 25 වැනි සංවත්සරය සැමරීම සහ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට එරෙහි ව චීන මහජන විමුක්ති හමුදාව යුදමය ක්‍රියාකාරකම් මාලාවකින් ප්‍රතිචාර දැක්වීම ද එම වැදගත්ම චීන දේශීය පුවත් 10ට ඇතුළත් වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම