චීනයේ වසංගත පාලනයේ සාර්ථකත්වය --- ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර
2022-12-30 15:58:50
Share with:

ගෙවීගිය වසර තුනක කාලය තුළ චීනය වසංගත පාලන ප්‍රතිපත්ති මනාව ක්‍රියාවට නැංවීමෙන් රටේ සමස්ත ක්‍රියාකාරිත්වය ඵලදායීව කළමනාකරණය කරගැනීමට සමත් වූ බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා කියාසිටී. වසංගතය පැතිර යන මුල්කාලයේ සිටම චීන කොමියුනිස්ට් පක්ෂ බලධාරීහු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා කැපවී ක්‍රියාකළහ. කුමන තත්ත්වයක් යටතේ වුවද ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීම ඔවුන්ගේ අභිලාෂයයි.

එසේම, වසංගත පාලනයත්, සංවර්ධන ප්‍රයත්නත් සමබරව පවත්වා ගැනීමට චීනය සමත් වූ ආකාරය කැපීපෙනේ. ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් එන්නත්කරණය කිරීමට ඔවුහු කඩිනමින් පියවර ගත්හ. චීනයේ පාරම්පරික ඖෂධ මෙන්ම නවීන ඖෂධ පිළිබඳ පර්යේෂණ පුළුල් කරමින් සුදුසු ප්‍රචිකාර හඳුන්වාදීමට ද චීනයට හැකිවිය.

වර්තමානයේ වසංගත පාලන ප්‍රතිපත්ති යහපත් කිරීමට ඔවුන් පියවර ගන්නේ කොරොනා වෛරස ප්‍රභේදයන්හි බලපෑම හීන වී ගිය පසුවයි. චීනයේ ප්‍රබලම සම්පත මානව සම්පතයි. එය සුරැකීමේ වගකීම ප්‍රමුඛ ස්ථානයේ තබා ගනිමින් චීනය මේ පියවර දක්වා පැමිණි බව විජේසේකර මහතා පෙන්වාදෙයි.

අභියෝගවලට නිසි ප්‍රතිචාර දක්වමින් රටේ ආර්ථිකය කළමනාකරණය කරගැනීම නිසා එහි ස්ථාවරත්වය සහතික කරගැනීමට ද චීනය මැනැවින් සමත් වූ බව ද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම