චීනය අඛණ්ඩව වසංගත අභියෝගයට පොදුවේ මුහුණ දීමට සූදානම්
2022-12-30 20:26:06
Share with:

චීනය කොරොනා වෛරස් විකෘති වීමේ තත්ත්වයන්ට සමීප අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

වසංගතය මතුවීමෙන් පසු චීනය හැම විටම විවෘත හා විනිවිද ආකල්පයක සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් ප්‍රජාව සමග සිය තොරතුරු හා දත්ත බෙදා ගෙන ඇතැයි ඔහු කීය. විවිධ රටවල එන්නත් හා ඖෂධ පර්යේෂණය සඳහා චීනය වැදගත් මෙහෙවරක් ඉටු කර ඇත. පසුගියදා චීනයේ අදාල අංශ, ගෝලීය උණ දත්ත ගබඩාව හරහා, මෑතකදී චීනයේ නව කොරොනා වෛරස් ආසාදිතයින්ගේ වෛරස් ජාන දත්ත බෙදා ගත්තේය. චීනය අඛණ්ඩව කාලෝචිත ලෙස වසංගත තොරතුරු නිකුත් කරමින් ජගත් ප්‍රජාව සමග එක්ව වසංගත අභියෝගයට‍ පොදුවේ මුහුණ දීමට සූදානමින් සිටින බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම