අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කිරීමට ඇමරිකාවේ සියලුම සමාජ මාධ්‍ය එරට රජය සමඟ එක්වෙයි
2022-12-30 14:49:05
Share with:

අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කිරීමට ඇමරිකාවේ සියලුම සමාජ මාධ්‍ය සමාගම් එරට රජය සමඟ එක්වෙයි.

ඇමරිකානු සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් පසුගියදා මේ බව පැවසීය. ඇමරිකානු වාර්තාකරුවෙකු වන මැට් ටයිබි විසින් 25 වැනිදා අනාවරණය කරන ලද Twitter සමාගමේ අභ්‍යන්තර සන්නිවේදන ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස එලොන් මස්ක් එම ප්‍රකාශය පළ කර ඇතැයි ඇමරිකානු FNC රූපවාහිනී වෙබ් අඩවිය 27වැනිදා වාර්තා කළේය.

FBI සහ CIA වැනි ඇමරිකානු ආයතනවල නිලධාරීන් Twitter සමාගමේ විධායකයන් නිතිපතා හමුවී Twitter හි "ගැටළු සහිත ගිණුම්" විශාල සංඛ්‍යාවක් අත්හිටුවන ලෙස ඉල්ලා සිටි බව එම සන්නිවේදන තුළින් පෙන්නුම් කෙරේ.

ඇමරිකානු රජය ද Facebook සහ Microsoft යනාදී සියලුම ප්‍රධාන විද්‍යා හා තාක්ෂණික සමාගම් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන බව  මැට් ටයිබි අනාවරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම