චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීමේ සැලැස්ම අහෝසි කරන්න- චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2022-12-30 21:02:42
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීමේ සැලැස්ම අහෝසි කරන ලෙසට චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.

වාර්තාවලට අනුව, ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව තායිවාන ප්‍රදේශයට ඩොලර් මිලියන 180 ක් පමණ වටිනා වොල්කැනෝ යුධ ටැංකි නාශක බෝම්බ අතුරන යන්ත්‍ර පද්ධතිය (Volcano Anti-Tank Mine-laying Systems) විකිණීමට අනුමැතිය ලබාදී ඇත.  ඒ පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbinමහතා අද (30) පැවති මාධ්‍ය හමුවකදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ තත්ත්වයට නව ආතතීන් ඇති කිරීම වැළැක්වීම සඳහා, තායිවාන ප්‍රදේශය සමඟ හමුදා සම්බන්ධතාව නතර කරන ලෙස Wang Wenbin මහතා ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය. සිය ස්වෛරීභාවය සහ සුරක්ෂිතතාවආරක්ෂා කිරීම සඳහා චීනය දැඩි පියවර ගනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම