ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග සටන් කරමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2022-12-29 11:25:13
Share with:

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමග සටන් කරමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov  මහතා පවසයි.ඔහු ඊයේ (28) රුසියානු මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කළේය. රුසියාව ,ඇමරිකාවට සෘජු තර්ජනයක් බව ඇමරිකාව විවිධ අයුරින් ප්‍රකාශ කර ඇත. රුසියාවේ ආරක්ෂාවට සෘජු තර්ජනය එල්ල වී ඇත්තේ යුක්රේනයෙන් බවත්, යුක්රේනය සමග පවතින ගැටුම්වල දී ඇමරිකාවේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවත් ,Sergey Lavrov  මහතා කියා සිටී. යුක්රේනය භාවිත කරන ඇතැම් ආයුධ නිෂ්පාදනය කරනුයේ ඇමරිකාවයි. ඇමරිකාව සිය හමුදා හා සිවිල් චන්ද්‍රිකා දත්ත ද යුක්රේනය සමග බෙදා ගන්නා අතර, සිය රහස් ඔත්තු සේවා නිලධාරීන් හා අවි විශේෂඥයන් පවා යුක්රේනයට යැවීමට කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

රුසියානු-ඇමරිකානු උපායමාර්ගික ආරක්ෂාව පිළිබඳව වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද Sergey Lavrov  මහතා අදහස් දැක්වීය. ඇමරිකාව කිසි විටෙක අවංකව කටයුතු නොකළ බැවින්“නව උපායමාර්ගික ආයුධ කපා හැරීමේ ගිවිසුමට” අදාළ සියලු පදනම් විනාශ වී ඇතැයි රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම