නව වසංගත පාලන ප්‍රතිපත්ති තුළින්, චීන ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දීම කිසිවිටෙකත් වෙනස් වී නොමැත
2022-12-29 18:28:35
Share with:

ගෙවී ගිය වසර තුන තුළ චීනය වසංගත තත්ත්වයට අනුව අඛණ්ඩව වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කළ නමුත්, ජනතාව හා ජන ජීවිතයට ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳ මූලධර්මය කිසි විටෙක වෙනස් නොවූ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

   චීනයේ නව වසංගත පාලන ප්‍රතිපත්ති තුළින්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව අතහැර දැමුණු බව ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. මේ පිළිබඳව වං වෙන්බින් මහතා ප්‍රතිචාර දැක්වීය.

ගෙවී ගිය වසර තුන තුළ චීනය ගෝලීය වසංගත රැළි පහකට මුහුණ පා සිටියි. බරපතල ‍රෝග ලක්ෂණ සහිත වෛරස් ප්‍රභේද, ඩෙල්ටා විකෘති ප්‍රභේද යනාදී වෛරසයන්හි පුළුල් ව්‍යාප්තිය වැළැක්වීමට චීනයට හැකි වූ අතර අසාධ්‍ය රෝගීන් ගණන හා මරණ සංඛ්‍යාව උපරිමයෙන් අවම කිරීමට සමත් විය. මෙහිදී එන්නත් පර්යේෂණය හා ඖෂධ නිෂ්පාදනය ඇතුළු වෛද්‍ය සම්පත් සම්පාදනයට වැදගත් කාර්යභාරයක් ඉටු කොට ඇත.

වසංගතය සමග සටනේදී චීනය වසංගත පාලනය, ආර්ථික හා සමාජයීය සංවර්ධනය ඵලදායි ලෙස සම්බන්ධීකරණය කරමින් එම තත්ත්වයන්ට අනුව නිසි ලෙස අදාල ප්‍රතිපත්ති සකස් කළ බව ද ඔහු කියා සිටි‍යේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම