2023 සාමය යළි ස්ථාපිත කිරීමේ වසර බවට පත් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පවසයි
2022-12-29 10:08:23
Share with:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා ඊයේ(28) දින නව වසර වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 වසරේ ලොව පුරා මිලියන 100ක ජනතාවක් යුද්ධය, ලැව්ගිනි, නියඟය, දරිද්‍රතාවය සහ කුසගින්න හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ බව, António Guterres මහතා පැවසීය.

2023 වසර ලෝක වාසීන්ට පෙර කවරදාටත් වඩා සාමය අවශ්‍ය වනු ඇත. සියලු පාර්ශවයන් අතර සාමය තහවුරු කරමින්, සංවාදයෙන් ගැටුම් සියල්ල අවසන් කළ යුතුය. සොබාදහම සහ දේශගුණය අතර වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට දායක වෙමින්, සාමකාමී සහජීවනය ස්ථාපිත කළ යුතු අතර ,වඩාත් තිරසාර ලෝකයක් ගොඩනැගීම වඩා වැදගත් වේ. ඒසේම ලොව සියලු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ගෞරවාන්විතව සහ ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතු බව ද, António Guterres මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම