වසංගත පාලන ප්‍රතිපත්තීන් සියළු විදේශිකයින්ට සමාන විය යුතුයි--චීනය
2022-12-29 17:28:51
Share with:

 

විවිධ රටවල වසංගත පාලන ප්‍රතිපත්තීන් විද්‍යාත්මක හා නිසි අවශ්‍යතා මත සැකසිය යුතු අතර ඒවා සියළු විදේශිකයින්ට සමාන ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

  චීනය වසංගත පාලන ප්‍රතිපත්ති සැකසීමෙන් පසු රටවල් සුළුතරයක් චීන සංචාරකයින් කෙරේ ආගමන සීමා විධිවිධාන යොදා ගන්නා බව ප්‍රකාශ කර ඇත. චීන ජාතිකයින්ට එරෙහිව ආගමන පරීක්ෂණ විධිවිධාන සකස් නොකරන බව ද සමහර රටවල් පවසා තිබේ. මේ පිළිබඳව අද(29) පැවති මාධ්‍ය හමුවකදී වං වෙන්බින් මහතා මෙම අදහස් දැක්වීය.

විවිධ පාර්ශ්වයන්, විද්‍යාත්මක මූලධර්මයට අනුකූලව විවිධ රටවල පුද්ගලයින් සංචරණය සුරක්ෂිත ලෙස සහතික කිරීමටත්, ගෝලීය කර්මාන්ත දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහතික කිරීමටත් එක්ව  දායක වීම අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම