Yinchuan-Lanzhou අධිවේගී දුම්රිය ධාවනය නිල වශයෙන් ආරම්භ කෙරේ
2022-12-29 10:46:46
Share with:

චීනයේ Ningxiaහි Yinchuan නගරය සහ Gansuහි Lanzhou නගරය සම්බන්ධ කෙරෙන Yinchuan-Lanzhou අධිවේගී දුම්රිය නිල වශයෙන් ධාවනය කටයුතු ආරම්භ කෙරේ.

ඒ අනුව එම දුම්රිය ධාවනය අද(29) උදෑසන නිල වශයෙන් සිදු විය. Yinchuan-Lanzhou අධිවේගී දුම්රිය මාර්ගයේ සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර 431ක් වන අතර සැලසුම් වේගය පැයට කිලෝමීටර් 250 කි. එම දුම්රිය ධාවනය ආරම්භ කිරීමෙන් පසු, Yinchuan සිට Lanzhou දක්වා ගමන් කිරීමට ගත වන කාලය පැය 8 සිට පැය 3 ක් දක්වා අවම වී ඇත. එහි, Zhongwei සහ Lanzhou අතර කොටස සඳහා, ගත වන කාලය ද පැය 5 සිට පැය 1 කට වැඩි කාලයක් දක්වා අඩු වී ඇත.

Yinchuan-Lanzhou අධිවේගී දුම්රිය මාර්ගය විවෘත වීම, චීනයේ බටහිර කලාපයේ මාර්ග ජාලය පුළුල් කොට, එය වැඩිදියුණු කිරීමට සහ කලාපීය ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ද වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම