ත්‍රිපෝෂ අඛණ්ඩව ලබා දීමට පියවර
2022-12-29 16:37:24
Share with:

මෙරට ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට සහ අඩු බරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙළක් ඇරඹේ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම South Asia Gateway Terminals පුද්ගලික සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සිදු කෙරිණ.

අදාළ සමාගමෙන් වසරක කාලයක් සඳහා ත්‍රිපෝෂවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සිදු කෙරේ. මෙය එම ආයතනයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 185ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුමට අත්සන් තැබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම