චීනය සමග ඇමරිකාව නව සංවාද කරා එළඹෙන්නේ නම් අවංකව කටයුතු කළ යුතුයි- චීනය
2022-12-29 18:39:50
Share with:

ඇමරිකානු පාර්ශ්වය චීනය සමග නව සංවාද හා අදහස් හුවමාරු කිරීමට අපේක්ෂා කරන්නේ නම්, අවංකව ක්‍රියා කළ යුතු බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ටන් කෆෙයි මහතා පවසයි.

චීන ඇමරිකානු හමුදාවන් අතර හුවමාරු ක්‍රියාකාරකම් තුනක් චීනය විසින් අහෝසි කරනු ලැබීය. එය, ඇමරිකාව ප්‍රථමයෙන්ම චීන ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට හානිකර සේ අර්බුදකාරී තත්ත්වයන් ඇති කිරීමට ගත් උත්සාහයට ප්‍රතිචාරයක් බවත්, ඇමරිකාව මේ පිළිබඳව පැහැදිලිව අවබෝධ කර සිටිය යුතු බවත් ඔහු කීය. 

මෑතකදී ඇමරිකාව අඛණ්ඩව චීනයට එරෙහි ප්‍රතිපත්ති හා පනත් එළිදක්වමින්, ඊනියා ‘චීන තර්ජනය’ හුවා දක්වා ඇත. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ද මැදිහත් වීමට තැත් කළ ඇමරිකාව හමුදාවන් දෙක අතර හුවමාරු පැවැත්වීමේ පදනම විනාශ කළ බව ද ඔහු පැහැදිලි කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම