චීනයේ විශාලතම ධාරිතාව සහිත තනි ඒකක අක්වෙරළ සුළං බලාගාරයේ වැඩකටයුතු ඇරඹේ
2022-12-29 09:56:10
Share with:

වාණිජමය භාවිතය සඳහා වන, චීනයේ විශාලතම ධාරිතාව සහිත තනි ඒකකයෙන් යුත් අක්වෙරළ සුළං බලාගාරය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ.

Guangdong පළාතේ Jieyang හි පිහිටි Shenquan II නමැති මෙම අක්වෙරළ සුළං බලාගාර ව්‍යාපෘතිය ඊයේ(28) සවස සම්පූර්ණ ධාරිතාවෙන් යුතුව බලශක්ති ජාලයට ඇතුළත් කරනු ලැබීය. සුළං මෝල් 34කින් යුක්ත මෙම බලාගාරයේ සමස්ත ධාරිතාව කිලෝවොට් 5ලක්ෂ 2දහසකි. මෙමගින් වාර්ෂික ව පවිත්‍ර බලශක්තිය පැයට ‍කිලෝවොට් බිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් සැපයේ. ප්‍රමිතිගත ගල්අඟුරු ටොන් 5ලක්ෂ 30දහසක ප්‍රමාණයක් ඉන් ඉතිරි කරගත හැකිවීම විශේෂත්වයකි. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 14ලක්ෂයකින් පමණ අඩුවීම ද කැපී පෙනේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම