සැලසුම් සහහත කළමනාකරණයෙන් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කර ගත් චීනය
2022-12-29 15:46:33
Share with:

කොවිඩ් වසංගතය ලෝකයේ සියලුම රටවල්වලට බලපෑම් ඇති කළේය. දියුණු නොදියුණු සෑම රටකටම ඊට මුහුණ දීමට සිදු විය. වසංගතය ආරම්භයේ දී චීනය දැඩි බලපෑමකට මුහුණ දුන්නේය. නමුත්, ඔවුන් එය කළමනාකරණය කර ගැනීමට දැඩි කැපවීමෙන් සහ සැලසුම් සහිතව කටයුතු කළ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය රූමි හාෂිම්‍ මහතා ප්‍රකාශ කරයි.

ඕනෑම අනපේක්ෂිත සහ අවදානම්කාරී තත්ත්වයකට මුහුණ දීමට අවැසි ආර්ථික ශක්තියක් චීනය සතු වේ. අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම තාක්ෂණ දැනුමින් සන්නද්ධ වූ ශක්‍යතාවයක් ඔවුන් නිර්මාණය කර ගෙන තිබීම මෙම වසංගත මොහොතේ චීනයට වඩා ඵලදායී වූ බව හෙතෙම කියා සිටී.

ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ දරුණු වසංගත අවදියේ  දී ද චීන බලධාරීන් කටයුතු කළේ ඉතා සැලසුම් සහගතවය. ‍එම සැලසුම් යටතේ සෙසු සියලු අංශයන්හී ක්‍රියාකාරීත්වයන් අඩපණ නොවී පවත්වා ගැනීමට චීනය කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය. සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිය ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කර ගත් ආකාරය ලෝකයටම සපයන්නේ ආදර්ශයකි.

සෞඛ්‍යමය වශයෙන් ඇති වන මෙවැනි වසංගත අවස්ථාවක ඕනෑම රටක්  වඩා සුපරික්ෂාකාරී විය යුතුය. චීනය මෙම වසංගත මොහොතේ කඩිනම් විසඳුම්වලට යොමු නොවී, පියවරෙන් පියවර සෞඛ්‍ය පාලන නීති ලිහිල් කරන අයුරු දැක ගත හැකි විය. එය අවදානම්කාරී තත්ත්වය මඟහැර ගැනීමට වඩාත් උපකාරී විය. වසංගතයේ දරුණුතම කාලපරිච්ඡේදය තුළ චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ද සිහිපත් කළ යුතුමය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නොමිලේ එන්නත් සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දෙමින්, සෞඛ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය උදෙසා චීනය සිදු කළ දායකත්වයට සිය ස්තූතියි පළ කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම