ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඉදිකෙරේ
2022-12-29 16:36:18
Share with:

කාර්මික තාක්ෂණ ආයතනය යටතේ ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ආරම්භ කිරීම සඳහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබේ. කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව ඊට එක් විය. 

මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරීක්ෂාව සිදු කෙරේ. එම සහතික සඳහා දේශීය සහ  විදේශීය වටිනාකමක් ලබාදීමද විශේෂත්වයකි.

කාබනික කෘෂි නිෂ්පාදන  වලට රසායනාගාරයක සහතිකයක් තිබීමෙන් ජත්‍යන්තරය තුළ ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජාත්‍යන්තර වෙළඳපොළ ජයග්‍රහණය කිරීමේ පහසුව ද සැලසේ.

යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි ‌බෝග බහුල වශයෙන්  වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවීන්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට හැකියාව ලැබේ.

පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් ක්‍රියාවට නංවන ලද ‘දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය‘ නමැති ව්‍යාපෘතියට සමගාමීව මෙම නව රසායනාගාරය ඉදිකෙරේ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම