චීන-බෙනින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ 50 වැනි සංවත්සරයට දෙරටේ ජනාධිපතිවරුන්ගෙන් සුබපැතුම්
2022-12-29 10:47:24
Share with:

චීනය සහ බෙනින්  අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් අද (29) චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා සහ බෙනින් ජනාධිපති පැට්‍රිස් ටැලෝන් මහතා අතර සුබපැතුම් පණිවුඩ හුවමාරු විය.

අඩසියවසකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු, චීනය සහ බෙනින් සෑම විටම අවංක සහ මිත්‍රශීලී සබඳතාවයක් පවත්වා ගනිමින් ,එකිනෙකාගේ මූලික සහ ප්‍රධාන අවශ්‍යතා සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කළ බව ෂී ජීන් පීං මහතා පෙන්වා දුන්නේය. චීන-බෙනින් සබඳතාවල වර්තමාන සංවර්ධන ප්‍රවණතාවය වඩා උසස් මට්ටමක පවතී. එය දෙරටේ සබඳතා වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, චීන-බෙනින් සබඳතා නව මානයකට යොමු කිරීම සඳහා ජනාධිපති පැට්‍රිස් ටැලෝන් මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජීන් පීං මහතා පැවසීය.

වසර 50 කට පෙර සිට පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර පවතින ඵලදායී සහයෝගීතාව පිළිබඳව වඩාත් සෑහීමකට පත් වන බව පැට්‍රිස් ටැලෝන් මහතා ප්‍රකාශ කළේය. දෙරටේ සහයෝගීතාව කිසි විටෙක නොබිඳිය හැකි බවත්, නිසැකවම එයින් විශාල ප්‍රතිලාභයන් අත් කර ගැනීමට හැකි බවත් තමා තරයේ විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම