පොදු ජන හදවත්වලට සවන් දෙන චීන ජනපතිගේ නව අවුරුදු සුභාෂිංසන
2022-12-29 20:06:59
Share with:

වසර 2014 සිට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වසර නවයක් පුරා නව වසරට සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ගෙවී ගිය වසරේ රටට සිදුවූ අලුත් වෙනස්කම් සම්පිණ්ඩනය කරමින් අනාගත ගමන කෙරේ අපේක්ෂා පළ කරමින් යොමු කෙරුණු එම පණි‍වුඩ ඉතා හෘදයාංගමයි.

එම නව වසර පණිවුඩ තුළ ෂී ජින්පිං මහතා වැඩියෙන් සඳහන් කළේ සාමාන්‍ය චීන ජනතාව පිළිබඳවයි. ‘මේ මොහොතේ, භාණ්ඩ ප්‍රවාහකයින්, පිරිසිදු කිරීමෙහි නිරත කම්කරුවන්, කුලී රථ රියදුරන් ඇතුළු දස දහස් ශ්‍රමිකයින්, තවමත් අප වෙනුවෙන් වෙහෙස නොබලා සේවය  කරමින් සිටිනවා. අ‍පේ යහපත් ජීවිතයට දායක වන ඔවුන්ට අපි ස්තුතිය පළ කරන්න ඕන.’-- වසර 2019යේ ෂී ජින්පිං මහතාගේ නව වසර සුබ පැතුම් පණිවිඩයේ එසේ සඳහන් කෙරුණා.

ජනතාවගේ සුවදුක් විමසීම, ජනතාවගේ කණස්සල්ලට ලක්වන දෑ ගැන සැලකීම යන කරුණු දැක්වෙන චීන ජනාධිපතිවරයාගේ නව වසර සුබ පැතුම් පණිවිඩ තුළින් පිළිබිඹු කෙරෙන්නේ දැවැන්ත රටක නායකයෙකු ජනතාවට දක්වන ගැඹුරු සෙනෙහසයි. ජනතාව සුන්දර ජීවිතය කෙරේ දක්වන අපේක්ෂාව, සෑම විටම ෂී ජින්පිං මහතාගේ ප්‍රමුඛ සැලකිල්ල වී තිබෙනවා.

‘මම බොහෝ ස්ථානවලට ගිහින් බොහෝ තත්ත්වයන් දැන ගත්තා වගේ ම දැක ගන්නත් ලැබුණා. ජනතාවගේ ගෙදරට ගියොත් ඔවුන්ට මොන වගේ අමාරුකම් තියෙනවා ද කියලා මම හැම විටම විමසනවා. ඔවුන් කීයූ දේ මම හොඳට සිතට ගත්තා.’ කියා වසර 2022කේ නව වසර පණිවිඩයෙන් ඔහු සඳහන් කළා.

ගෙවී ගිය දශකයක් තුළ, රටේ ළමා හා වැඩිහිටි සුරැකුම, අධ්‍යාපනය,  සමාජ සාධාරණය, වෛද්‍ය සේවාව, ජනතාවගේ වාසස්ථාන, අවශ්‍යතා සහිත පිරිසට ආධාර ලබාදීම යනාදී ක්ෂේත්‍ර සඳහා,  ජනතාවට ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳ ආණ්ඩු පාලන චින්තනය අඛණ්ඩව ශක්තිමත් අනුබල දක්වා තිබෙනවා. ජන ජීවිතය මුළු මනින් ඉහල නංවා තිබෙනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම