සාම සමුළුවක් පැවැත්වීමට යුක්රේනයෙන් යෝජනා
2022-12-28 10:02:24
Share with:

යුද්ධය නිමාකිරීම සඳහා සාම සමුළුවක් පැවැත්වීමට යුක්රේනය යෝජනා කරයි.

රුසියානු- යුක්රේන ගැටුම් අවසන් කිරීම සඳහා ඉදිරි මාස දෙක තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් António Guterres මහතා මැදිහත්කරු ලෙස පත්කර, සාම සමුළුවක් පැවැත්වීමට යුක්රේන රජය අපේක්ෂා කරන බව එරට විදේශ ඇමති Dmytro Kuleba මහතා පවසා ඇත. රුසියාව ඊට එක් නොවනු ඇතැයි ද  අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. 

මේ සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කළේ, තම සහභාගිත්වයෙන් තොරව යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සාම සමුළුවක් පැවැත්විය නොහැකි බවයි. 

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ කාර්යාලය දන්වා ඇත්තේ ගැටුම් නිරාකරණය වෙනුවෙන් මැදිහත් වීමට António Guterres මහතා සූදානම් වන අතර, ඊට විවිධ පාර්ශ්වයන්ගේ අනුමැතිය අවශ්‍ය වන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම