චීන වෛද්‍ය රක්‍ෂණ මෙහෙයුම් සංඛ්‍යාලේඛන නිකුත් කරයි
2022-12-28 11:43:01
Share with:

ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, මූලික වෛද්‍ය රක්ෂණයේ ජාතික සහභාගීත්ව අනුපාතය 95%ට වඩා වැඩි වු බව චීන ජාතික සෞඛ්‍ය පරිපාලනය පවසයි.

චීන ජාතික සෞඛ්‍ය පරිපාලනය විසින් 2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මූලික වෛද්‍ය රක්‍ෂණ සහ මාතෘ රක්ෂණයේ මෙහෙයුම් සංඛ්‍යාලේඛන නිකුත් කරන ලදී.

සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මූලික වෛද්‍ය රක්ෂණයේ ජාතික සහභාගීත්ව අනුපාතය සියයට 95 ට වඩා ඉහළින් පැවති බවයි. මාතෘ රක්‍ෂණ ඇතුළු මූලික වෛද්‍ය රක්‍ෂණ අරමුදල්වල මුළු ආදායම යුවාන් බිලියන 2367.7ක් විය. එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 6.9%කින් වැඩිවීමකි. වැඩ නොකරන නාගරික සහ ග්‍රාමීය පදිංචිකරුවන් සඳහා මූලික වෛද්‍ය රක්ෂණ අරමුදල්වල වියදම යුවාන් බිලියන 726.857 ක් වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 0.7% කින් වැඩිවී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම