ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සම්පාදනය කෙරේ
2022-12-28 15:14:12
Share with:

වසර ගණනාවක් පුරා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අඩුවක් ව පැවති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. ස්ථිර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සෑම අංශයකම අදහස් හා යෝජනා ලබාගන්නා ලෙස අමාත්‍යවරයා මෙම කමිටුවට උපදෙස් ලබාදී තිබිණ. මෙම අවසන් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතුරුව නව කෘෂිකාර්මික පනත ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව අමරවීර මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම