තායිවාන ස්වදේශිකයින් තායිවාන බෙදුම්වාදීන් වෙනුවෙන් කිසිදු අයුරකින් කැපනොවනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය විශ්වාසය පළ කරයි
2022-12-28 17:00:04
Share with:

 තායිවාන ස්වදේශිකයින් තායිවාන බෙදුම්වාදීන් වෙනුවෙන් කිසිදු අයුරකින් කැපනොවනු ඇතැයි විශ්වාස කරන්නේ යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඊනියා ‘තායිවාන පාලකයින්’, පුරවැසියන්ගේ ස්වේච්ඡා හමුදා සේවාවේ කාල සීමාව මාස හතරක සිට වසරක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. එය ඊනියා ‘මහ ගොඩබිමෙන් එල්ලවූ තර්ජනය’ට මුහුණ දීම සඳහා බව ද පැවසේ.

මේ පිළිබඳව වං වෙන්බින් මහතා අද(28) පැවති මාධ්‍ය හමුවේදී ඉකුත් අදහස දැක්වීය. මව්රටේ එක්සත්වීම, සමස්ත චීන ජාතිකයින්ගේ පොදු අභිලාෂයකි. එය බාධා කළ නොහැකි ඓතිහාසික ප්‍රවණතාවයයි. රටේ එක්සත්භාවය ඉටු කිරීමට දායක වීම, අතිශය ශ්‍රේෂ්ඨ වගකීමක් වන අතර, තායිවාන බෙදුම්වාදීන් වෙනුවෙන් කටයුතු කරන්නේ නම් එය, නිරර්ථක ක්‍රියාවකි. තායිවාන ස්වදේශිකයින් රටේ එක්සත්භාවය පිළිබඳ මහා අභිලාෂය දරා සිටිමින් තායිවාන බෙදුම්වාදීන් වෙනුවෙන් කටයුතු නොකරනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම