සැබෑ තත්ත්වයට යෝග්‍ය ලෙස චීනය සිය වසංගත පාලන ප්‍රතිපත්තීන් සකස් කිරීම කැපී පෙනේ
2022-12-28 11:52:59
Share with:

චීනය පසුගිය 26වැනි දා රාත්‍රියේ නිල වශයෙන් නිවේදනය කළේ ‘නව කොරොනා නියුමෝනියාව’,‘නව කොරොනා වෛරස් ආසාදනය’ ලෙසට නම් කරන බවයි. එසේම, ‘ බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ නීතිය’ට අනුව, 2023 වසරේ ජනවාරි 8 වැනි දා සිට නව කොරොනා වෛරස් ආසාදනය ‘බෝවන B වර්ග රෝගය පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටමේ පාලනය’ දක්වා අවම කරනු ඇති බවට ප්‍රකාශයට පත් කෙරේ. මේ අනුව, චීනය ආසාදිතයන් නිරෝධායනයට ලක් නොකරනු ඇත. සමීපව ආශ්‍රය කළ පුද්ගලයන්ට ද එය නියම නොකරන අතර වැඩි හා අඩු අවදානම් සහිත ප්‍රදේශ ලෙස ද නම් නොකරනු ඇත. විදේශ රටවල සිට චීනයට පැමිණෙන පුද්ගලයන් හා ප්‍රවාහන කෙරෙන භාණ්ඩ වලට වසංගත පාලන පියවර ද ඉදිරියට ක්‍රියාත්මක නොකෙරේ.

චීනය මෙම පියවර ගෙන ඇත්තේ, වෛරස් ප්‍රභේද, වසංගත තත්ත්වය සහ පාලන අත්දැකීම් පිළිබඳ විශ්ලේෂණාත්මක ලෙස විග්‍රහ කර බැලීමෙන් අනතුරුවය. සැබෑ තත්ත්වය විද්‍යානූකූල ක්‍රමවේදයන්ට අනුව සලකා ජනතාව සහ ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවයට අඛණ්ඩව ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබීම ද එහි විශේෂත්වයකි.

චීනය ‘නව කොරොනා නියුමෝනියාව’ ‘නව කොරොනා වෛරස් ආසාදනය’ ලෙසට නම් කෙරුණේ වර්තමානයේ පැතිර යන ප්‍රභේද හා එහි පවතින අවදානම්වලට අනුකූලවය. වත්මන් පාලන තත්ත්වයන්ට සරිලන ලෙස ‘බෝවන B වර්ගයේ රෝගය, B මට්ටමේ පාලනය’ දක්වා අඩු කිරීමෙන් පිළිබිඹු වන්නේ විද්‍යාත්මක ක්‍රියාකාරීත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමයි.

වසංගත පාලනය අඛණ්ඩව ප්‍රශස්ත වීමත් සමඟ, වසංගත පාලන ප්‍රතිපත්තීන් සකස් කිරීමේ වර්තමාන සමය චීනයට සුමට ලෙස ගත කළ හැකිය. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රශස්ත අයුරින් ආරක්ෂා කරමින්, ආර්ථිකය හා සමාජය යථා තත්ත්වයට පත් කිරීම චීනයට යළි තහවුරු කළ හැකි වනු ඇති බවට ද විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම