චීනයේ භාණ්ඩ ප්‍රවාහන සේවා ක්‍රමයෙන් ස්ථාවර වෙයි
2022-12-28 13:14:30
Share with:

චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ස්ථායී හා මන්දගාමී තත්වයක පවතින අතර සහතික කිරීමේ ධාරිතාව අඛණ්ඩව වැඩිදියුණු වේ.

චීන භාණ්ඩ ප්‍රවාහන සහ මිලදී ගැනීම පිළිබඳ ඒකාබද්ධ සංගමය අද(28) මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දත්ත ප්‍රකාශයට පත් කරමින් මේ බව හෙළි කළේය. දෙස්-විදෙස් වශයෙන් විවිධ බලපෑම්වලට ලක් වූ, භාණ්ඩ ප්‍රවාහනය ප්‍රකෘතිමත් වීමේ වේගය නොවැම්බර් මාසයේදී දුර්වල වී ඇති අතර, විවිධ ක්ෂේත්‍රවල සැපයුම් සඳහා පවතින ඉල්ලුම මන්දගාමී වී ඇත. කෙසේ වෙතත්, භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ස්ථාවරත්වය තවදුරටත් පෙන්නුම් කෙරෙන අතර, කාර්මික දාමයේ සංසරණය සහ ජනතාවගේ ජීවනෝපාය සැපයුම ඵලදායී ලෙස සහතික කර ඇතැයි එම දත්ත වාර්තාවන්හි සඳහන් වේ.

මීට අමතරව, ඊ-වාණිජ්‍ය වේදිකාවල භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගෙන ඇත. මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, භාණ්ඩවල මාර්ගගත සිල්ලර අලෙවිය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 6.4% කින් ඉහළ ගොස් ඇති අතර, එය පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවි අනුපාතය සියයට 0.9 කින් ඉහළ ගොස් ඇත. එය අඛණ්ඩව මාස තුනක් තිස්සේ වර්ධනයක් පවත්වා ගැනීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම