චීනයේ දෙමුහුන් වී රටවල් 70කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා
2022-12-28 18:33:12
Share with:

බිලියන 1.4 ක ජනගහණයක් සහිත චීනය අතීතයේ සිට ම ආහාර සුරක්ෂිතභාවය ඉතාමත් වැදගත් කොට සලකනවා. චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩව ජනතාවගේ ආහාර ඉල්ලුමට ප්‍රමුඛත්වය දෙනවා. පරම්පරා කිහිපයක කැපකිරීම් යටතේ, ලෝකයේ 9% කට අඩු ගොවිබිම් මගින් ලෝක ජනගහණයෙන් 20% ක ආහාර සැපයීම ඉටු කිරීමට චීනය සමත් වුණා. ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදන රට හා තුන්වැනි ආහාර අපනයන රට බවට ද චීනය පත්ව තිබෙනවා.

එයට හේතු බොහොමයක් තිබෙනවා. එ අතරින් වැදගත්ම හේතුව වන්නේ මනා බෝග විශේෂ අභිජනනය කිරීමට චීන රජය දක්වන දැඩි සැලකිල්ලයි. චීනයේ දෙමුහුන් වී එම විශේෂ අතරින් සංකේතවත්ම එකයි.

1973 දී, කෘෂිකර්ම විශේෂඥ යුවාන් ලෝන්ග්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ කෘෂිකාර්මික විද්‍යාත්මක පර්යේෂණ සේවකයන් දෙමුහුන් වී තාක්ෂණික දුෂ්කරතා සාර්ථකව විසඳා ගත්තා. ඉන් චීනයේ සහල් නිෂ්පාදනය විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.  දෙමුහුන් වී චීනය පුරාම වගා කිරීමත් සමඟ, චීන ජනතාවගේ ආහාර ප්‍රශ්නය ක්‍රමයෙන් විසඳී තිබෙනවා.  ඒ අතරම, චීනය සිය කෘෂිකාර්මික තාක්ෂණය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සක්‍රීයව බෙදාහදා ගෙන ඔවුන්ගේ ආහාර ගැටලු විසඳීමට උපකාර කරනවා.

මේ දක්වා, චීනයේ දෙමුහුන් වී ආසියාවේ, අප්‍රිකාවේ සහ ඇමරිකානු මහාද්වීපයේ පුළුල් ලෙස වගා කර තිබෙන අතර, වාර්ෂික වගාබිම් භූමි ප්‍රමාණය හෙක්ටාර් මිලියන 8 ක්. චීනයේ දෙමුහුන් වී වියට්නාමය, පිලිපීනය, ඇමරිකාව, මැඩගස්කරය, ඇතුළු රටවල් 70කට ආසන්න ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම