චීනයේ නව වසංගත පාලන විධිවිධාන හේතුවෙන් පුද්ගලයින්ගේ ආගමන හා විගමන වඩාත් පහසු වෙයි
2022-12-28 18:36:54
Share with:

  

චීනයේ නව වසංගත පාලන විධිවිධාන, පුද්ගලයින්ගේ ආගමන හා විගමන වඩාත් පහසු කිරීමට හේතුවනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

නව කොරොනා වසංගතය, A වර්ගයේ බෝවන රෝගයක සිට B වර්ගයේ රෝගයක් දක්වා පහල දමා ඊට සරිලන ලෙස අදාල පාලන විධිවිධාන ද චීනය විසින් සකස් කරනු ලැබීය. ඇමරිකානු වාණිජ සංගමය, බ්‍රිතාන්‍ය වාණිජ සංගමය, ජර්මන් වාණිජ සංගමය ඇතුළු චීනයේ ක්‍රියාත්මක විදේශ ආයතන හා ඇතැම් විදේශ තානාපති කාර්යාල ඒ පිළිබඳව ප්‍රසාදය පළ කර ඇත. චීනයේ ආයෝජනය කිරීම හා ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යාම පිළිබඳ විදේශ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය ඉන් ශක්තිමත් වන බවත් චීනය අඛණ්ඩව ප්‍රමුඛ ආයෝජන ගමනාන්තයක් වන බවත් ඔවුහු පවසති.

චීනය පුද්ගලයින්ගේ ආගමන හා විගමන පිළිබඳ තාවකාලික රෙගුලාසි නිකුත් කර ඇත. දෙස් විදෙස් පුද්ගලයින්ට සුරක්ෂිතව විධිමත් ලෙස ආගමන හා විගමන සිදු කිරීමට මෙන්ම, විදේශ අදහස් හුවමාරු හා සහයෝගතා සඳහාත් එය මනා පහසුකම් ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(28) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම