චීනයේ විශාලතම අක්වෙරළ තෙල් නිපැයුම් පරිශ්‍රය සඳහා ප්‍රථම වරට ගොඩබිමින් බලශක්තිය සැපයේ
2022-12-27 11:23:39
Share with:

චීනයේ විශාලතම අක්වෙරළ තෙල් නිපැයුම් පරිශ්‍රය සඳහා ප්‍රථම වරට ගොඩබිමින් සැපයෙන බලශක්තිය භාවිත කෙරේ.

චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව ඊයේ (26) නිවේදනය කළේ බොහායි මුහුදේ ටොන් මිලියන 100 ක තෙල් නිධිය - Kenli 6-1 සහිත තෙල් බිම් සංවර්ධන ව්‍යාපෘතිය මනාව ක්‍රියාත්මක වන බවයි. එහි දෛනික බොරතෙල් නිෂ්පාදනය ටොන් 55,000 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ව්‍යාපෘතියෙන් සිදුවන්නේ ගොඩබිම සිට මුහුද යටින් අධිබලැති කේබල් මගින් අක්වෙරළ තෙල් නිධි වෙත විදුලිය සම්ප්‍රේෂණය කිරීමයි.

අක්වෙරළ ක්ෂේත්‍ර 39කට විදුලිය සැපයීම සඳහා වෙරළ තීරය මහා පරිමාණයෙන් භාවිත කළ පළමු අවස්ථාව මෙයයි. වසර 2025 වන විට, මෙම ව්‍යාපෘති ජාලය මගින් කලාපයේ තෙල් හා ගෑස් නිෂ්පාදන ක්ෂේත්‍රයට දිනකට ටොන් 55,000ක් සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම