චීනය වසංගත පාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූයේ දිගුකාලීන දැක්මක් ඔස්සේ යි
2022-12-27 14:51:25
Share with:

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ චීනය කොරොනා වසංගතය කළමනාකරණයේ දී දූරදර්ශීව ක්‍රියා කළ බව ප්‍රවීණ ව්‍යවසායක මහාචාර්ය දුමින්ද ප්‍රසාද් ද සිල්වා මහතා කියාසිටී. චීනයට තීරණ ගැනීමට සිදුවන්නේ වෙනත් කිසිදු රටක් මෙන් නොවේ. ඔවුන්ට තීරණ ගැනීමට සිදුවන්නේ කෝටි 140 ක පමණ දැවැන්ත ජනගහණයකට සරිලන අයුරිනි. එසේම ඒවා අත්හදා බැලීම් නොවිය යුතුය. චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිටම ක්‍රියා කරන්‌නේ ජනතාව මුල් තැන්හි තබාගෙන යි.

කොරොනා වෛරසයේ බලපෑම පැතිර ගිය මුල් කාලයේම චීනය ඊට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි එන්නත් ලොවට හඳුන්වා දීමට ක්‍රියා කළේය. ඊට සමගාමීව චීනයේ සාම්ප්‍රදායික ඖෂධ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් බෙදාහැරීමට ද චීනය පියවර ගත්තේය. සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකිතාක් මානුෂීය ආධාර ද පිරිනැමූ චීනය වසංගත කාලය තුළ තම රටේ සංවර්ධනය ස්ථාවරව තබා ගැනීමට ද කැප වී ක්‍රියාකළේය.

වසංගත පාලනය මෙන්ම ජනතා සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා විශාල පිරිවැයක් දරන අවස්ථාවේ පවා චීනය, විදෙස් රටවල අරඹා ඇති ආයෝජන පවත්වාගෙන යාම සහ රට තුළ ආ‌යෝජන අවස්ථා විවෘත කිරීම  අතැර දැමුවේ නැත. විශේෂයෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැනි ව්‍යාපෘතිවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ බලධාරීහු නිසි පියවර ගත්හ. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් ද ආර්ථික හා වෙළඳ කටයුතු සමබරව පවත්වා ගැනීමට ඔවුන්ට හැකිවිය.

මේ යටතේ වර්තමානයේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති, චීනයේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපාරිකයන්ට තවදුරටත් අවස්ථා විවර කරනු ඇතැයි ද  ප්‍රවීණ ව්‍යවසායක මහාචාර්ය  දුමින්ද ද සිල්වා මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම