ජපානය හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව චීනය පවසයි
2022-12-27 19:07:55
Share with:

ජපානය හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව චීනය පවසයි.

2023 ආරක්ෂක අයවැය ජපාන යෙන් ට්‍රිලියන 6.8 ක් දක්වා ඉහළ නැංවීමට ජපාන රජය පසුගිය 23 වැනිදා තීරණය කළේය. එය එරටේ ඉතිහාසයේ ඉහළම ආරක්ෂක අයවැයයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (27) පැවසුවේ ජපාන ආරක්ෂක අයවැයේ විශාල  වර්ධනය කෙරෙහි චීනය අවධානය යොමු කර ඇති බවයි. කලාපීය ආතතීන් අතිශයෝක්තියට නැංවීමේ ජපානයේ ක්‍රියාකලාපය අනතුරුදායකය. ජපානයේ සාමකාමී සංවර්ධන අධිෂ්ඨානය කෙරෙහි, අසල්වැසි ආසියානු රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර දැඩි සැකයක් ඉන් ඇති වන බව ද හෙතෙම සඳහන් කළේය.

ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසය ප්‍රවේශමෙන් මෙනෙහි කළ යුතු ය. තවදුරටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය අඩු කිරීම වැළැක්වීම සඳහා, ජපානය හමුදා ආරක්‍ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම