නේපාලයේ නව අගමැතිවරයා ලෙස Pushpa Kamal Dahal මහතා දිවුරුම් දෙයි
2022-12-27 15:24:15
Share with:

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නේපාල කොමියුනිස්ට් පක්ෂ මාඕවාදී මධ්‍යස්ථානයේ සභාපති Pushpa Kamal Dahal මහතා සඳුදා(26) පස්වරුවේ සිය රාජකාරී ආරම්භ කළේය.

ජනාධිපති බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Pushpa Kamal Dahal මහතා සිය ධූරයේ දිවුරුම් දුන් බව කත්මන්ඩුහි පිහිටි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක Sagar Acharya මහතා පැවසීය.ඒ සමඟම නියෝජ්‍ය අගමැතිවරු තිදෙනෙකු සහ අමාත්‍යවරුන්  සිව්දෙනෙකු   දිවුරුම් දුන් බව ද ඔහු ප්‍රකාශ කළේය. 

275 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 169 දෙනෙකුගේ සහය Dahal මහතා ලබා ගැනීමෙන් පසු ,පසුගිය ඉරිදා සවස ජනාධිපතිවරිය විසින් අගමැතිවරයා  පත් කර ඇත.

එමෙන්ම  නව අගමැතිවරයා දින 30ක් ඇතුළත පහළ මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසය පවතින බව ද  තහවුරු කළ යුතුය.

පසුගිය නොවැම්බර් 20 වැනි දින පැවති නේපාල මහ මැතිවරණයේ දී කිසිදු තනි පක්ෂයක් පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම