චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ චීන ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්
2022-12-27 20:06:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විශේෂ රැස්වීම පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්, විශේෂ දෙදින රැස්වීමක් ඊයේ (26) සිට අද දක්වා චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විණ.

ෂී ජින්පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයන් සහිත සමාජවාදී චින්තනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවමින් පක්ෂ සාමාජිකයන් හා නිලධාරීන් එක්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේදී ගනු ලැබූ වැදගත් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව එම රැස්වීමේ දී සාකච්ඡා කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ කාර්යයන් හා සම්බන්ධ වී පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කර තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එම රැස්වීම අවධාරණය කළේය.

ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධන චින්තනයට අනුකූලව, විප්ලවීය ජීවගුණය ඉදිරියට ගෙනයාමට පෙරමුණ ගනිමින් පක්ෂය පූර්ණ මෙන්ම දැඩි ලෙස පාලනය කර දේශපාලන වගකීම ඉටු කළ යුතුය. ජයග්‍රහණ හා අඩුපාඩු සාරාංශගත කරමින් පක්ෂ ආත්මීය විශ්ලේෂණය, විවේචන සහ ස්වයං- විවේචනය යන කටයුතු මැනවින් ක්‍රියාත්මක කළ යුතු බව ද එහිදී සඳහන් කෙරිණ.

චීන ලක්ෂණ සහිත නවීකරණය පෙර නොවූ විරූ පුරෝගාමී මෙහෙයුමක් බවත් එය ක්‍රියාත්මක කළ යුත්තේ නවෝත්පාදන චින්තනයෙන් බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේදී ඉදිරිපත් කෙරුණු සැලසුම් සුන්දර යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සෑම මට්ටමක නිලධාරීන් වගකීම් භාර ගෙන  ක්‍රියා කළ යුතු ය.

සැම විටම චීන ජනතාවගේ මූලික ජයග්‍රහණ නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂය කිසිදු ලාභ උපයන කණ්ඩායමක, කිසිදු බල කණ්ඩායමක හෝ වරප්‍රසාද ලත් පන්තියක වාසි වෙනුවෙන් කිසි විටෙකත් ක්‍රියා නොකළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම