සිනොෆාම් වර්ධක මාත්‍රාවන් ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
2022-12-27 14:47:05
Share with:

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට සිනොෆාම් වර්ධක මාත්‍රාවන් ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. ගෝලීය වශයෙන් කොවිඩ් අවදානම පහව ගොස් නොමැති බැවින් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළද වෛරසය ව්‍යාප්ත විය හැකි බවත් කොවිඩ් සමඟ ජීවත් වීමට සිදුවන බැවින් වෛරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත යුතුය.

එන්නත්කරණය පරිපූර්ණ කර තිබේ නම් කුමන කොවිඩ් වෛරස ප්‍රභේදයක් පැමිණියද ආරක්ෂාවක් තිබෙන බවත් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් මේ වන තෙක් කොවිඩ් මර්දන එන්නත් ගෙන නොමැති නම් එන්නත් ලබා ගැනීම වැදගත් බවත් හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම