බටහිරකරණයට වඩා නවීකරණය සංවර්ධනයේ මාවත බව මැනවින් හඳුනාගත් චීනය
2022-12-27 14:52:44
Share with:

50 දශකයේදී චීනයේ සංවර්ධන පිබිදීමක් දැකිය හැකි විය. එහෙත් එහි වර්ධනය සෙමින් සිදුවිය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග නව දියුණු මාවතක් ආරම්භ කළ චීනය, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් නව ගමනක නිරතවන බව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

එහිදී චීනයට සමාජවාදී විනයක් සහිත පුහුණු මානව සම්පතක් නතුකර ගැනීමට හැකිවිය. නිර්මාණාත්මක හැකියාවන්, ක්‍රියාවට නංවමින් එය ලෝකයට හඳුන්වාදීමටත්, එමගින් වාණිජමය ඉසව් කරා යාමටත් චීනයට හැකිවූ බව හෙතෙම කියා සිටී. ඒ සමගම තාක්ෂණික දියුණුව කරා චීනය ගමන් කරමින් සිටී. ලෝක වෙළදපොළ ග්‍රහණය කර ගැනීමට ද චීනයට හැකිව තිබේ. සේද මාවත නවීකරණය කිරීමට ද චීනය ක්‍රියා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කරයි. ‍එහිදී පොදු ජයග්‍රහණ ඔස්සේ නව ප්‍රවණතා ළගා කර ගැනීමට ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව මගින් හැකිව තිබේ.  නව ක්‍රමෝපාය අනුගමනය කිරීම මගින් සෙසු රටවල ප්‍රසාදය දිනා ගැනීමට චීනයට  හැකියාව ලැබී ඇතැයි ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

චිනය යනු ලෝකයේ වෙනත් රටවලට සහාය දෙන රටකි.  වර්තමාන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දර්ශනයත් සමග මේ වන විට ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට චීනය පත්ව තිබේ. බටහිරකරණයට වඩා නවීකරණය යන්න සංවර්ධනයේ මාවත බව මැනවින් හඳුනාගත් රටක් ලෙස චීනය තුලින් ප්‍රත්‍යක්ෂ වන බව හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම