චීනය දෙස් විදෙස් පුද්ගලයින්ගේ ආගමන හා විගමන පිළිබඳ නව තාවකාලික රෙගුලාසි හඳුන්වා දෙයි
2022-12-27 18:59:10
Share with:


දෙස් විදෙස් පුද්ගලයින්ගේ ආගමන හා විගමන පිළිබඳ තාවකාලික රෙගුලාසි පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා විස්තර කරයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ වසංගත පාලන ඒකාබද්ධ යාන්ත්‍රනය විසින් සම්පාදනය කරන ලද අදාල රෙගුලාසි එළඹෙන ජනවාරි මාසයේ 8වැනිදා සිට බලාත්මක වේ. විදේශ රටවල චීන තානාපති කාර්යාල මගින් අදාල දැන්වීම් නිකුත් කිරීමට නියමිත  අතර චීනයට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් ඊට සමීප අවධානය යොමු කළ යුතු බව වං වෙන්බින් මහතා කීය. අදාල රෙගුලාසි, චීනයේ වසංගත පාලන විධිවිධාන සමග සම්බන්ධීකරණය වන සේ සම්පාදනය කර ඇත. වසංගත පාලනය හා ආර්ථික සමාජයීය සංවර්ධනය අතර සම්බන්ධීකරණයට ද ඉවහල් වන එම රෙගුලාසි මගින්, දෙස් විදෙස් පුද්ගලයින්‍ගේ ආගමන හා විගමන වඩාත් පහසු, සුරක්ෂිත, විධිමත් හා අධි ඵලදායි ලෙස සිදු කළ හැකි වෙතැයි ද වං වෙන්බින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම