ඛනිජ තෙල් මිල සීමා කිරීමේ බටහිර මැදිහත්වීමට එරෙහිව රුසියානු ජනාධිපතිගෙන් නියෝගයක්
2022-12-27 15:13:19
Share with:

රුසියාවේ ඛනිජ තෙල් සඳහා බටහිර රටවල් මිල සීමා කිරීමට එරෙහිව සටන් කිරීමට රුසියානු ජනාධිපති Vladimir Putin මහතා නියෝගයකට අත්සන් කිරීමට සූදානම් වේ.

මෑතක දී යුරෝපා සංගමය, G7 කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව,රුසියාවෙන් ඛනිජ තෙල් අපනයනයේ දී බැරලයක මිල සඳහා ඩොලර් 60ක සීමාවක් පැනවීය. රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේ රුසියානු ඛනිජ තෙල් සඳහා වන මෙම මිල සීමා පැනවීමේ බටහිර ක්‍රියාමාර්ගවලට එරෙහිව සටන් කිරීම සඳහා කටයුතු කරන බවයි. ඒ අනුව දේශීය වේලාවෙන් දෙසැම්බර් 26 හෝ 27 යන දිනවල ජනාධිපතිවරයා ඊට අදාළ නියෝගයකට අත්සන් කරන බව ද ප්‍රකාශ කර ඇත. රුසියාවේ ඛනිජ තෙල් මත මෙවැනි මිල සීමාවක්, බටහිර පාර්ශවයන් පැනවීම, ගෝලීය බලශක්ති කර්මාන්තය අඩපණ වීමටත්, ඒ හරහා ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ඉහළ යාමටත් හේතු වන "වෙළඳපොල නොවන මෙවලමක්" බව හෙතෙම පැවසීය.

පසුගිය 25 වැනිදා, රුසියානු මුදල් අමාත්‍ය Anton Siluanov මහතා ප්‍රකාශ කළේ, බටහිර පාර්ශවයන් නියම කරන ලද මිලට රුසියාව ඛනිජ තෙල් සැපයීම සිදු නොකරන බවයි. රුසියාවට එරෙහි මෙලෙස සම්බාධක පැනවීම අධික පිරිවැයක් වන අතර, මෙවැනි ක්‍රියාවන් හරහා ප්‍රතිලාභ හිමි වන්නේ ඇමරිකාවට පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම