චීනයේ වසංගත ව්‍යාප්තිය හා ඉන් මිය ගිය සංඛ්‍යාව ‍ලෝකයේ අවම මට්ටමක පවතින බව අවධාරණය කෙරේ
2022-12-27 18:52:29
Share with:

ගෙවී ගිය වසර තුන තුළ චීනයේ වසංගත ව්‍යාප්තිය හා ඉන් මිය ගිය සංඛ්‍යාව ‍ලෝකයේ අවම මට්ටමක පවතින බව චීන රාජ්‍ය මණ්ඩලයේ වසංගත පාලන ඒකාබද්ධ යාන්ත්‍රනයේ මාධ්‍ය හමුවේ දී  හෙළිවෙයි.

අද(27) පැවති එම මාධ්‍ය හමුවේදී නව කොරොනා වසංගතය ‘A වර්ගයේ බෝවන රෝගයක’ සිට ‘B වර්ගයේ බෝවන රෝගයක්’ දක්වා පහල දමා අදාල පාලන විධිවිධාන ද සකස් කිරීමේ තත්ත්වය විස්තර කෙරිණ.

ගෙවී ගිය වසර තුන තුළ චීනය සෑම විටම ජනතාවගේ ජීවන ආරක්ෂාව හා සෞඛ්‍යයට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කර ඇත. බරපතල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උපරිම ශක්තිය යොදා ඇත. වයස අවුරුදු 65ට ඉහළ වියපත් පුද්ගලයින්, ගැබිණි කාන්තාවන්, දරුවන් හා නිදන්ගත රෝගීන් ඇතුළු වැඩි සැලකිල්ල දැක්විය යුතු  පිරිස කෙ‍රේ විශේෂ සෞඛ්‍ය සේවාව ලබා දී තිබේ. එවන් පියවර ඇතුළු සෞඛ්‍ය සේවා ප්‍රතිකාර  විධිවිධාන ජනතාවගේ ජීවන ආරක්ෂාව හා සෞඛ්‍යය සඳහා ශක්තිමත් ආරක්ෂක තීරයක් ගොඩනගා තිබේ.

වසර 2019 චීනයේ  ආයු අපේක්ෂාව අවුරුදු  77.3 සිට වසර 2021කේ අවුරුදු 78.2 දක්වා වැඩිවීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම