2022 වසරේ චීනයේ ඉහළම ව්‍යාපාරික ප්‍රවෘත්ති 10 තෝරා ගැනේ
2022-12-27 14:51:20
Share with:

2022 වසරේ චීනයේ ඉහළම ව්‍යාපාරික ප්‍රවෘත්ති 10 ප්‍රකාශයට පත් කෙරේ.චීන මාධ්‍ය සමූහය විසින් එම ප්‍රවෘත්ති 10 තෝරා ගෙන තිබේ.ඉන් ප්‍රමුඛතම පුවත පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දී නීතියේ පාලනය යටතේ නව සමාජවාදී රටක් බිහි කිරීමේ ඉලක්ක චීනය විසින් නිවේදනය කරනු ලැබීමය.කොවිඩ් පාලන පියවර මධ්‍යයේ 2022 වසරේ දී චීන ආර්ථික සැපයුම යුවාන් ට්‍රිලියන 120 ඉක්මවා යනු ඇති බවට වන ඉලක්කය ද එම ප්‍රවෘත්ති අතර වෙයි.බෙයිජිං සීත කාලීන ඔලිම්පික් උළෙලට මිලියන සිය ගණනක ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වීම ද ඊට අයත්ය. අඛණ්ඩව වසර 8ක් චීනයේ ධාන්‍ය අස්වැන්න කිලෝග්රෑම් බිලියන 650 ක් ඉක්මවා යාම, චීන ඛනිජ ගල් අඟුරු  සැපයුම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීම මෙන්ම ලොව දෙවන විශාලතම ජල විදුලි බලාගාරයේ විදුලි ජනනය ඇරඹීම ද 2022 වසරේ චීනයේ ඉහළම ව්‍යාපාරික ප්‍රවෘත්ති 10 අතරට තෝරා ගෙන තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම