4වැනි හයි නැන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අති උත්කර්ෂවත්ව නිමාවට පත් වේ
2022-12-26 10:59:03
Share with:

             

             4වැනි හයි නැන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අති උත්කර්ෂවත්ව නිමාවට පත් වේ.

             4වැනි හයි නැන් ජාත්‍යන්තර චිත්‍රපට  උළෙල ඊයේ (25) චීනයේ හයි නැන් පළාතේ සන්යා නගරයේ  දී නිමාවට පත් විය. චීන මාධ්‍ය සමූහය සහ හයි නැන් පළාත් රජය විසින් ඒකාබද්ධව චිත්‍රපට උළෙල සංවිධානය කෙරිණි. මෙවර හයි නැන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ “Golden Coconut” සම්මානය සඳහා රටවල් හා ප්‍ර‍දේශ 116ක චිත්‍රපට 3761ක් ඉදිරිපත් කරනු ලැබීය.චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ චිත්‍රපට 3ක් ද මෙවර උළෙලට එක්ව  තිබීම විශේෂත්වයකි.මෙවර චිත්‍රපට උළෙලේ කාණ්ඩ 6ක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරිණ.එමෙන්ම සිනමා ප්‍රෙක්ෂකයින්ගේ රසවින්දනය වෙනුවෙන් විවිධ තේමාවලින් යුත් චිත්‍රපට ප්‍රදර්ශන රැසක් ද පැවැත්විණ.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම