ඇමරිකාව වැරදි හා භයානක මාවතක ගමන් නොකළ යුතුය
2022-12-26 10:40:15
Share with:

නැගෙනහිර සේනාංක අණදෙන නිලධාරියා විසින් තායිවාන් දූපත අවට මුහුදේ සහ ගුවන් අවකාශයේ සියලුම සේවා සහ ආයුධ ඒකාබද්ධ සටන් අභ්‍යාස, මුර සංචාර සහ ඒකාබද්ධ යුධ අභ්‍යාස සංවිධානය කරන ලදී.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා පසුගිය 24වැනිදා “2023 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” බලාත්මක කරමින් ඊට අත්සන් කර තිබේ. මෙම පනත් කෙටුම්පතේ චීනයට සම්බන්ධ සෘණාත්මක විධිවිධාන විශාල ප්‍රමාණයක් අඩංගු වන බව වාර්තා වේ. එය "තායිවානයේ ස්වාධීනත්වය" පිළිබඳ බෙදුම්වාදී බලවේග වෙත බරපතල වැරදි සංඥාවක් පවා ලබා දී තිබේ.

පසුගිය මාසයේ බාලිහි පැවති චීන සහ ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුවේ දී,තායිවාන ප්‍රශ්නයට අදාළ චීනයේ මූලික අවශ්‍යතාවල හරය, චීන-ඇමරිකා සබඳතාවල දේශපාලන පදනම සහ චීන-ඇමරිකා සබඳතාවල පළමු ජයගත නොහැකි රතු රේඛාව බව චීනය පැහැදිලි කළේය.

 “එක් චීනයක්, එක් තායිවානයක්” ලෙස වෙන් නොකිරීම,චීනයේ ආර්ථික සංවර්ධනයට ද බාධා නොකරීම සහ කුමන හෝ අයුරින් චීනය පාලනය නොකිරීම යන ඇමරිකානු පාර්ශවයේ ප්‍රකාශයට ජනාධිපති Joe Biden මහතා ද එකඟතාවය පළ කළේය.

චීනය සහ ඇමරිකාව, ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ බාලි දූපත් එකඟතාව, ප්‍රායෝගික ප්‍රතිපත්තීන් ලෙස සහ නිශ්චිත ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමටයි. එය චීන-ඇමරිකානු සබඳතාවයේ ඉදිරි ස්ථාවරත්වය වර්ධනය කිරීමේ  ප්‍රධාන දිශානතිය ද වනු ඇත.

තායිවානය චීනයට අයත් වේ.එහෙයින් තායිවානයේ ප්‍රශ්නය විසඳීම, චීන ජනතාවගේම කාර්යභාරයක් වන අතර එයට මැදිහත්වීමට කිසිදු විදේශ පාර්ශවයකට කිසිදු අවස්ථාවක් හිමි නොවේ. ඊයේ(25) චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකයේ අණ දෙන නිළධාරිවරයාගේ විධානය අනුව, තායිවාන දූපත අවට මුහුදු හා ගුවන් ප්‍රදේශවල ඒකාබද්ධ සටන් අභ්‍යාසයක් සහ පොලිස් මුර සංචාර සහ ඒකාබද්ධ යුධ අභ්‍යාස සංවිධානය කළේය. එය වර්තමාන ඇමරිකා-තායිවාන විරෝධය උත්සන්න වීමට ස්ථිර ප්‍රතිචාරයකි.

ඇමරිකාව අදාළ පනත් කෙටුම්පත්වල චීනය සම්බන්ධ සෘණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකළ යුතු අතර, තවදුරටත් වැරදි හා භයානක මාවතක ගමන් නොකළ යුතුය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම